තද සුළං ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

තද සුළං ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍ර දේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීම හේතුවෙන් විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි.

හෙට (25) දිනයේ උදෑසන 10:30 වන තෙක් වලංගු වන පරිදි අද (24) පෙරවරු 10:30ට මෙම අනතුරු ඇඟවීම නිකුත් කෙරුණි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර පමණ තරමක තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Share This