ඩේවිඩ් වෝනර් එක්දින පිටියට සමුදෙයි

ඩේවිඩ් වෝනර් එක්දින පිටියට සමුදෙයි

ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

37 හැවිරිදි වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ද සමුගන්නා බව මීට පෙර නිවේදනය කර තිබුණි.

පාකිස්ථානය සමඟ ලබන 3 වනදා සිඩ්නිහිදී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගයෙන් පසු ඩේවිඩ් වෝනර් ටෙස්ට් සහ එක්දින පිටියෙන් සමු ගැනීමට නියමිතය.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ වෝනර් මේවන විට ටෙස්ට් තරග 111කදී ලකුණු 8695ක් ද එක්දින තරග 161කදී ලකුණු 6932ක් ද ලබා ගන්නට සමත් වී තිබේ.

කෙසේ වෙතත්, වෝනර් පවසන්නේ 2025 චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට තමන්ගේ සහය අවශ්‍ය නම් ක්‍රීඩා කිරීමට සූදානම් බවයි.

Share This