කොළඹ වරායේ ලක්ෂ 25ක සොරකමක්

කොළඹ වරායේ ලක්ෂ 25ක සොරකමක්

කොළඹ වරාය පරිශ්‍රයේ රඳවා තිබූ බහාලුමක් කඩා එහි තිබූ එනසාල් පෙට්ටි 9ක් සොරකම් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  

ඒ, කොළඹ වරාය පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අදාළව කළ විමර්ශනයකදී ය.

අදාළ එනසාල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉපලෝගම, බණ්ඩාරගම සහ නිකදළුපොත යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

සැකකරුවන් විසින් සොරකම් කරන ලද එනසහල් ගබඩා කර තිබූ කන්ටේනරයක් පොලිස් භාරයට ගැනුණි.

ඔවුන් අද (29) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This