කුලියට ගන්නා වාහන උකස් තියන ඡාවාරමක තොරතුරු හෙළිවෙයි

කුලියට ගන්නා වාහන උකස් තියන ඡාවාරමක තොරතුරු හෙළිවෙයි

කුලී පදනම මත වාහන ලබාගෙන ඒවා උකස් තබා මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරතවූ සැකකරුවන් දෙදෙනෙකු සොයා බණ්ඩාරවෙල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලීසිය පවසන්නේ මෙම සැකකරුවන්ගෙන් එක් අයෙකු දැනට සක්‍රිය සේවයේ යෙදී සිටින යුද්ධ හමුදා සෙබළෙකු වන අතර, අනෙක් සැකකරු යුද්ධ හමුදාවෙන් පළාගිය අයෙකු බවයි.

බදුල්ල ප්‍රදේශයේ පදිංචි, මෙම සැකකරුවන් විසින් ව්‍යාපාර කටයුත්තකට බව පවසා, බදුල්ල සහ අවට ප්‍රදේශවාසින්ගෙන් වාහන කුලී පදනමට ලබා ගැනීම සිදුකර ඇත.

යතුරු පැදි, ත්‍රීරෝද රථ, වෑන් ඇතුළු වාහන රැසක් මෙලෙස කුලියට ගෙන ඇති අතර, වාහනහිමිකරුවන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා එලෙස කුලි පදනම මත ලබාගත් වාහනවලට අදාළ කුලී මුදල ද මුල් මාස කිහිපය තුළ නිසි පරිදි ගෙවීමට ඔවුන් කටයුතු කර තිබුණි.

නමුත් මාස කිහිපයකට පසු ඔවුන් එක් වරම වාහන සඳහා කුලී මුදල් ගෙවීම නවතා දමා ඇත්තේ ඔවුන්ගේ ජංගම දුරකථන ද ක්‍රියා විරහිත කරමිනි.

අනතුරුව සිදුකළ සොයා බැලීම්වලින් හෙළි වී ඇත්තේ එම පුද්ගලයින් දෙදෙනා බදුල්ල ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය.

ඒ අනුව තමන් කුලි පදනම මත ලබා දුන් වාහන සම්බන්ධයෙන් නිසි තොරතුරක් නොලැබීම මත, වාහන හිමිකරුවන් බණ්ඩාරවෙල සහ දියතලාව පොලිස් ස්ථාන වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත්කර ඇති අතර, ඒ ඔස්සේ සිදුකරනු ලැබූ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ජාවාරම්කාර පුද්ගලයින් දෙදෙනා කුලියට ගත් වාහන වෙනත් පාර්ශවයන් වෙත උකස් තබා ඇති බවය.

වාහන කුලියට දීමේ ව්‍යාපාරය පවත්වාගෙන ගිය එක් පුද්ගලයෙකු දුරකථනය ඔස්සේ සම්න්ධ කරගැනීමට වාහන හිමිකරුවන්ට හැකි විය.

එම සැකකරුගෙන් වාහන තිබෙන ස්ථානය පිළිබඳ නිසි තොරතුරක් නොලැබීම හේතුවෙන් අනෙක් සැකකරුගේ බිරිඳව දුරකථනයෙන් සම්බන්ධකරගැනීමේ දී ඇය දැක්වූ ප්‍රතිචාර අනුව පොලීසිය ඉදිරි විමර්ශන සිදුකර ඇත.

ඒ අනුව, පොලිස් නිලධාරින් වාහනවල හිමිකරුවන් සමඟ වාහන සොයා යෑමේදී ඔවුන්ගේ වාහන කිහිපයක්ම වාහන උකස් ගන්නා ස්ථානවල තිබී හමුවිය.

සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ රුපියල් ලක්ෂ 3ත් 15ත් අතර මුදල්වලට වාහන උකස් තබා ඇති බවය.

පොලීසිය පැවසුවේ අදාළ සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )