පුලතිසිගම දී පිහියෙන් ඇන බිරිඳ සැමියා ඝාතනය කරයි

පුලතිසිගම දී පිහියෙන් ඇන බිරිඳ සැමියා ඝාතනය කරයි

පුලස්තිගම ප්‍රදේශයේදී බිරිඳ විසින් සිය ස්වාමිපුරුෂයාට පිහියකින් ඇන ඝාතනය කර තිබේ.

ඊයේ (09) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර එලෙස මියගොස් ඇත්තේ, 29 හැවිරිදි පුලස්තිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා සහ බිරිඳ අතර ඊයේ දහවල් කාලයේ සිටම පහරදීම් සහ බැන වැඳීම් සිදුකරගෙන ඇති අතර එම අවස්ථාවේ දී බිරිඳ විසින් සැමියාගේ පපු ප්‍රදේශයට පිහියකින් ඇන ඇති බවයි, අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදුකළ සැකකාර බිරිඳ ද තුවාල ලබා පුලස්තිගම රෝහලෙට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සැකකාරිය ලබන 21 වනදා දක්වා රක්ෂික බන්ධාගාර ගත කර තිබේ.

සැකකාරිය පොලිස් ආරක්ෂාව යටතේ පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත දේහය සම්බන්ධයෙන් වන පස්චාත් මරණ පරීක්ෂණය අද (10) සිදුකිරීමට නියමිතයි.