ඊයේ මැච් එකේ විනිසුරුගේ තීරණය ගැන වනිදුගෙන් ප්‍රකාශයක්

ඊයේ මැච් එකේ විනිසුරුගේ තීරණය ගැන වනිදුගෙන් ප්‍රකාශයක්

ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ඒ දඹුල්ලේදී පැවති අවසන් විස්සයි විස්ස තරගයේ තරග විනිසුරු ජාත්‍යන්තර තරග විනිශ්චය සඳහා සුදුසු නොවන බවත් ඔහු වෙන රැකියාවක් සොයාගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිදු හසරංග සදහන් කරයි.

ඊයේ පැවති තරගයේ දී ශ්‍රී ලංකා දෙවෙනි ඉනිමේ තීරණාත්මක අවසන් පන්දු ඕවරයේදී ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නා විසින් යවන ලද පන්දුවක් නිපන්දුවක් ලෙස නම් නොකිරීම හේතුවෙන් ඔහු මෙම අදහස් පළකළේය.

වනිදු හසරංග පෙන්වා දෙන්නේ පිටියේ විනිසුරුවරයාට එම සැක සහිත තීන්දුව තමන්ට ගත නොහැකි නම් තෙවැනි විනිසුරුට හෝ යොමු කළ යුතුව තිබූ බවයි.

ඊයේ පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු තුනක පරාජයක් ලැබුවේය.

Share This