කොස්ගොඩ තාරකගේ සහෝදරයාගේ සිරකුටියෙන් ජංගම දුරකථන හමුවෙයි

කොස්ගොඩ තාරකගේ සහෝදරයාගේ සිරකුටියෙන් ජංගම දුරකථන හමුවෙයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සහෝදරයා සහ රැවුල් කුමාර නැමැති ජාවාරම්කරු රැඳී සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිරකුටිවල තිබී ඊයේ (21) ජංගම දුරකථන හා උපාංග රැසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

එහි දී,
අංක 53 සිර මැදිරියෙන්.
1) ජංගම දුරකථන 02ක්.
2) සිම්පත් 01ක්.
3) දුරකථන අංක 280 කට අධික ප්‍රමාණයක් සදහන් කර ඇති කුඩා ප්‍රමාණයේ සටහන් පොත් 01ක්.
4) විද්‍යුත් ලිපින සහිත කොල කැබලි 01ක්.
5) හැන්ඩ් ෆ්‍රී 01ක්.
අංක 97 සිර මැදිරියෙන්.
1) ජංගම දුරකථන 02ක්.
2) ඩේටා කේබල් 01ක්. සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.