කුඹල් පෙරහරේ අලි කුලප්පු වූ හේතුව හෙළිවේ

කුඹල් පෙරහරේ අලි කුලප්පු වූ හේතුව හෙළිවේ

මහනුවර දළඳා පෙරහරේ දෙවැනි කුඹල් පෙරහර ඊයේ දිනයේදී වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු කුලප්පුවීම නිසා පෙරහර නරඹමින් සිටි පිරිස අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.

අලි කලබලයට හේතුව දෑලේ ගමන් ගත් අලි තිදෙනාගෙන් එකෙකුට කොප්පරා ගිනි අගුරු කැබැල්ලක් (ගිණි හුළක්) පෑගීම බව මේ වන විට තහවුරු කර ගෙන තිබේ.

එහිදී නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් වැවට පැනීම නිසා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුහු බේරාගනු ලැබූහ.

කලබලයට පත්වූ ඇතුන් දෙදෙනා දළදා වීදිය ඔස්සේ දිවගොස් එක් ඇතකු රැජින හෝටලයේ කොරිඩෝව මතට කඩාවැදී කලබල කිරීමත් සමග ඇත්ගෝව්වෝ පිරිසක් මහත් වෙසෙක් දරා එම ඇතා බැඳ දැමීමට කටයුතු කළහ.

කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් පසු පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කරවීමට සංවිධායක මණ්ඩලය කටයුතු කළේය. මෙහිදී කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බව ආරක්ෂක අංශ පැවැසීය.

Share This