වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්

වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය අයි. ඩී. එච් පාර හැරෙන හන්දිය අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි.

ඊයේ (18) රාත්‍රී 8.40ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

තුවාල ලද පුද්ගලයා පලතුරු වෙළෙඳ සැලක් ආසන්නයේ රැඳී සිටියදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මේ වන විට අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

වෙඩි තැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැති බවත් පොලිසිය සඳහන් කරයි.

වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.