VAT බදු ගෙවන සමාගම් වලට දැනුම් දීමක්

VAT බදු ගෙවන සමාගම් වලට දැනුම් දීමක්

එකතු කළ අගය මත බද්ද හෙවත් VAT බදු පාරිභෝගිකයන්ගෙන් අය කරන්නේ නම්, වැට් බදු ලියාපදිංචි සහතිකය සැමට පෙනෙන පරිදි තම වෙළඳසැල හෝ ආයතනය තුළ ප්‍රදර්ශනය කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

වැට් බදු ලියාපදිංචි අංකය ප්‍රදර්ශනය නොකරන්නේ නම්, එසේ නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බාධාවක් නොමැති බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම VAT සඳහා වසරකට මෙරට මිලියන 80ක වාර්ෂික පිරිවැටුමක් සහිත ආයතන මේ සඳහා ලියාපදිංචි විය යුතු බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අද පෙරවරුවේ යටියන්තොට පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දැනට වැට් බදු ගෙවීමේ සීමාව වන රුපියල් මිලියන 80ක ප්‍රමාණය ඉතා ඉක්මනින්ම රුපියල් මිලියන 60ක සීමාව ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි.

Share This