විදෙස් ආදරවන්තයන් වෙනුවෙන් සැමරුම් තබන්න පානදුරේ හැදුණු ආදර කුළුණ

විදෙස් ආදරවන්තයන් වෙනුවෙන් සැමරුම් තබන්න පානදුරේ හැදුණු ආදර කුළුණ

වැලන්ටයින් දිනය නිමිත්තෙන් විදෙස් සංචාරකයින් හට පානදුර ජෙට්වින් හෝටලයේ අද (14) විශේෂ ආදර කුළුනක් ඉදිකර ආදරය සමරන්නට අවස්ථාව සලසා තිබුණි.

මේ දිනවල පානදුර ප්‍රදේශයට පැමිණෙන චෙකොස්ලොවේකියාව, චීනය සහ පෝලන්තය ඇතුළු රටවල පෙම්වතුන් එම කුළුනේ සිය ආදර සැමරුම් සටන් තබමින් ආදරය සමරනු ලැබීය.

හෝටලයේ කළමනාකරු ඇන්තනී ෆර්නැන්ඩ් සහ ප්‍රධාන සූපවේදී රොෂාන් සුවාරිස්ගේ මූලිකත්වයෙන් වැඩසටහන සංවිධානය කර තිබූ අතර අඩි 20 ක් පමණ උසැති කුළුන කීර්ති ශ්‍රී කලා දේශබන්දු පාලිත සිල්වා විසින් නිර්මාණය තිබූණි.

Share This