වෙසක් බලන්න ගිය ඥාති සොයුරන් තිදෙනෙක් දුම්රියේ ගැටී මරුට

වෙසක් බලන්න ගිය ඥාති සොයුරන් තිදෙනෙක් දුම්රියේ ගැටී මරුට

බූස්ස පින්තාලිය දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයන් තිදෙනකු මියගිය බව පොලිසිය පවසයි.

තරුණයන් තිදෙනා රැගත් යතුරුපැදිය මරදාන සිට මාතර බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ තෙලිකඩ පොලිස් වසමේ කැකිල්ල මන්ඩිය පදිංචි වයස අවුරුදු 17 ත් 20ත් අතර වයස් වල පසුවන තරුණයන් තිදෙනෙකි.

එක් තරුණයෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමේදී මියගොස් ඇතැයි පැවසෙයි.

වෙසක් සැරසිලි නැරඹීමට ගොස් සිටියදී මෙම අනතුරට ඔවුන් මුහුණ දී ඇත.

මියගොස් ඇති තිදෙනා ඥාති දරුවන් බවද වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

May be an image of 3 people, scooter, motorcycle and text

May be an image of 2 people, scooter, motorcycle and text