දුම්රිය යහසාධක සංගමයේ නිලධාරී මණ්ඩල විසුරුවා හැරේ

දුම්රිය යහසාධක සංගමයේ නිලධාරී මණ්ඩල විසුරුවා හැරේ

ලංකා දුම්රිය සේවක යහසාධක සංගමයේ නිලධාරී මණ්ඩල විසුරුවා හැර ත්‍රිපුද්ගල පාලන කමිටුවක් පත්කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

දුම්රිය සේවක යහසාධක සංගමයේ සභාපති, උප සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික ඇතුළු නිලධාරී මණ්ඩය කර ඇති අවිධිමත් මූල්‍ය පාලනය සහ ව්‍යවස්ථා විරෝධී කටයුතු හේතුවෙන් එම පියවර ගත් බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

එම අතුරු පාලන කමිටුවේ සභාපතිවරයා ලෙස අධිකාරී ඉංජිනේරු ජී. ඒ. ක්‍රිසන්ත මහතා කටයුතු කරන අතර සෙසු සාමාජිකයන් ලෙස ඩබ්ලිව්. ඒ. පී. ධර්මසේන (අධිකාරි ඉංජිනෙන්රු) (පහළ) සහ එච්. එම්. වී. බී. සිරිවර්ධන (ධාවනාගාර ඉංජිනේරු) යන මහත්වරු කටයුතු කරති.

ලංකා දුම්රිය සේවක යහසාධක සංගමය ශ්‍රී ලංකා දුම්රිය සේවකයන්ගේ විශාලතම සංගමය වන අතර එම සංගමය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර තිබේ.

Share This