මරදානේ දරුණු දුම්රිය අනතුරක්

මරදානේ දරුණු දුම්රිය අනතුරක්

ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක් අද (25) අලුයම මරදාන දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට ද දැඩි හානි සිදුව තිබෙනවා.

ඒ අනුව මරදාන දුම්රිය ස්ථානයේ 1, 2, සහ 3 යන දුම්රිය වේදිකා අවහිරවී තිබේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් සහ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියන් මේ හේතුවෙන් ප්‍රමාදයන් වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.