බංගලාදේශ දුම්රිය අනතුරෙන් 20ක් මරුට – 100කට අධික පිරිසකට තුවාල

බංගලාදේශ දුම්රිය අනතුරෙන් 20ක් මරුට – 100කට අධික පිරිසකට තුවාල

නැගෙනහිර බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මිය ගිය ගණන 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

ඒ අනුව පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි බලධාරීහු පවසන්නේ

ඩකා නගරයට ඊසාන දෙසින් කිලෝමීටර් 80ක් දුරින් පිහිටි බහිරාබ්හි දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී දුම්රියක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්වුණේ ඊයේ (23) පස්වරුවේදි යි

සංඥා දෝෂයක් ගැටුමට හේතු වන්නට ඇති බවයි මේ වනවිට විශ්වාසය පළ කරන්නේ

අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව බංග්ලාදේශ බලධාරීන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

23bangladesh 1 jgtm articleLarge

bangladesh train crash

WLTMR4UY3FPRTC4VD5FBXSV6AE scaled

23202018516851a

 

Share This