ශවේන්ද්‍රගේ ජෙට් ගමන ගැන සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූපයේ ඇත්ත නැත්ත

ශවේන්ද්‍රගේ ජෙට් ගමන ගැන සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූපයේ ඇත්ත නැත්ත

මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ සහකාරිය විශේෂ ජෙට් යානයක නැගී සිටින අයුරු දැක්වෙන ඡායාරූපය පිළිබඳ විශේෂ පැහැදිලිකිරීමක් ලැබී ඇත.

ඉන්දීය හමුදා ඇකඩමියේ (IMA) විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ දිල්ලි නිල සංචාරයේ දී ඔහුට දිල්ලි සිට ඩෙහ්රාඩුන් දක්වා ගමන් කිරීම සඳහා ඉන්දීය ගුවන් හමුදාව විශේෂ පහසුකම් සලසා දී ඇති බව අනාවරණය වී තිබේ.

ඔහු දිල්ලියට පැමිණි පසු ඔහුට විශේෂ ජෙට් යානයකින් ඩෙහ්රාඩුන් වෙත යාමට සැලසුම් කර තිබූ බවත් ප්‍රභූවරුන් සඳහා වන සම්මත ප්‍රොටෝකෝලයට අනුව ඉන්දියානු ගුවන් හමුදාව ජෙනරාල් සිල්වාට ප්‍රධාන ආරාධිතයා ලෙස ඔහුගේ ගමනට මෙම ජෙට් යානය ලබා දී ඇති බවත් වාර්තා වේ.

2023 දෙසැම්බර් 9 වන දින ඔහු මෙම සංචාරයේ නිරත වී තිබිණි.

Share This