කාසියේ වාසිය බංගලාදේශයට

කාසියේ වාසිය බංගලාදේශයට

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට බංග්ලාදේශ නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

මෙම තරගය නවදිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගය පැවැත්වෙන නවදිල්ලි නුවර වායු දූෂණය ද මේ දිනවල ඉහළ මට්ටමක පවතිනවා.

බංගලාදේශ – ශ්‍රි ලංකා තරගය පැවැත්වෙන දිල්ලියේ අද උදෑසන නවය වන විට අතිශය භයානක වායු දූෂණ තත්ත්වයක් වාර්තාවන බව හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කළේය.

මේ අතර 2025 දී පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේ ජය අනිවාර්ය වනවා.

Share This