පියා පැදවූ ට්‍රැක්ටරයට යටවී දියණිය මරුට

පියා පැදවූ ට්‍රැක්ටරයට යටවී දියණිය මරුට

මන්නාරම මුරුංගන් පොලිස් වසමේ පූවර්සන්කුලම් ප්‍රදේශයේ කුඹුරු යායක සීසාමින් සිටි පුද්ගලයෙකුගේ ට්‍රැක්ටරයකට යටවී ඔහුගේ 8 හැවිරිදි දියණිය මිය ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

මියගිය දැරියගේ පියා විසින් සිය කුඹුර සී සෑම සඳහා දියණියද කුඹුරට රැගෙන ගොස් කුඹුරේ නියරක් මත දියණියව හිඳුවා සීසාමින් සිටින අතරතුරදී දියණියටද ට්‍රැක්ටරයට නැගීමට අවශ්‍ය බව පවසා ඇත.

එහිදී ට්‍රැක්ටරයට දියණිය නංවා ගැනීමෙන් පසුව පියා විසින් සී සෑම නැවත ආරම්භ කර ඇති අතර එහිදී ට්‍රැක්ටරය නියරක් මතින් යමේදී ඇතිවූ ගැස්සීමෙන් දියණිය ට්‍රැක්ටරයෙන් වැටී එහි රෝදයකට යටවී ඇතැයි සැකපල කරන බවට පොලීසිය පැවසීය.

Share This