web hit counter
කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක 10 හැවිරිදි සිසුවියක් කාමාතුරයින්ට බිලි වෙයි

කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක 10 හැවිරිදි සිසුවියක් කාමාතුරයින්ට බිලි වෙයි

කොළඹ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ඉගෙනුම ලබන දස හැවිරිදි සිසුවියක් අවස්ථා 8 කදී බරපතළ අන්දමින් දූෂණය කර දැරියගේ සිරුරේ ඇතැම් ප්‍රදේශ දුම්වැටිවලින් පිලිස්සූ සැකකරුවන් සොයා විමර්ශන පවත්වන බව පොලිසිය අධිකරණයට ඊයේ (22 ) දැනුම් දුන්නේය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත එම දැරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

වැල්ලම්පිටිය පොලිසිය මගින් දැරිය සම්බන්ධයෙන් ලබාගත් අධිකරණ වෛද්‍ය වාර්තා අධිකරණය හමුව ඉදිරිපත් කර තිබිණි.

එම වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙන දැරිය මව භාරයේ රෝහල් ගත කරන ලෙස අධිකරණය නියම කළේය.

දූෂණයට ලක්වී ඇති සිසුවියගේ හැසිරීමේ වෙනසක් දුටු පන්ති භාර ගුරුවරිය දැරියව වැල්ලම්පිටිය පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

ඒ අනුව දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබෙන අතර, එහිදී දැරිය අවස්ථා 8 කදී පමණ බරපතළ අන්දමින් දූෂණයට ලක්වී ඇතැයි අනාවරණය වූ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

දැරියගේ ශරීරයේ ඇතැම් ස්ථාන දුම්වැටිවලින් පුලුස්සා ඇති බවට සලකුණු දක්නට ලැබෙන බව අධිකරණ ​වෛද්‍ය වාර්තාවෙහි සඳහන් වන බවද පොලිසිය දන්වා සිටියේය.

දැරිය ප්‍රකාශ කළ අන්දමට කොළඹ පිහිටි පාසලක සිසුවකුගේ නමක් සඳහන් කර තිබෙන අතර, ඒ අනුව එම පාසලේ අදාළ නම සඳහන් සියලු සිසුන් පොලිසිය වෙත කැඳවා දැරියට පෙන්වා තිබෙන නමුත් දැරිය විසින් අදාළ සිසුවා හඳුනා නොගත් බවද පොලිසිය දන්වා සිටියේය.

ඒ අනුව මෙම දැරිය දූෂණය කරන ලද පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පොලිසියට නියම කළේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )