උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීම හේතුවෙන් ඇණහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (30) උදෑසන සිට යථා තත්ත්වයට පත්කර තිබේ.

බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය අද (30) අලුයම 1.15ට පමණ පිලී පැනීමටකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට මෙසේ බාධා එල්ල වී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.

පීලි පැනීමට ලක් වු දුම්රියේ එන්ජිම නාවලපිටිය සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් පීලිගත කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කළ බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

ඒ අනුව, උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශයෙකු වැඩිදුරටත් පැවැසීය.

Share This