ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක් !

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක් !

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු අක්ෂාංශ 06 – 20 සහ නැගෙනහිර දේශාංශ 55 – 70ත් යන ප්‍රදේශ ආශ්‍රිතව පැයට කිලෝමීටර් 70 – 80 තද සුළං පවතින බවයි.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.