ජල ගාස්තුව වැඩි වීමෙන් ආපනශාලා වල වැසිකිළි පහසුකම් දීමත් නවත්වයි!

ජල ගාස්තුව වැඩි වීමෙන් ආපනශාලා වල වැසිකිළි පහසුකම් දීමත් නවත්වයි!

ජල ගාස්තුව 50% කින් පමණ ඉහළ දැමීම නිසා ආහාර පානවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, ආපනශාලාවල වැඩි ජල පරිභෝජනයක් සිදුවන බැවින් ජල ගාස්තුව වැඩි වීම හරහා වැඩි වන මුදල පාරිභෝගිකයින්ගෙන් අය කිරීමට සිදුවන බවයි.

මේ හේතුව නිසා ආපනශාලා වෙත එන පාරිභෝගිකයන්ට වැසිකිළි පහසුකම් ද ලබා නොදීමට සිදුවන බවයි, ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.