තිස්ස කරලියද්දත් සමගි ජන බලවේගයට එක්වෙයි

තිස්ස කරලියද්දත් සමගි ජන බලවේගයට එක්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැදවච්චිය ආසන සංවිධායක මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරලියද්ද මහතා සමගි ජන බලවේගය හා එක්වී තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යධුරයේ ද දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ.

සමගි ජන බලවේගය හා එක්වූ එතුමා සමගි ජන බලවේගයේ මැදවච්චිය ප්‍රදේශයේ සම සංවිධායකවරයා ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.