web hit counter
ප්‍රබල අකුණු පිලිබඳ අවවදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිලිබඳ අවවදාත්මක නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (09) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී තද වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම අම්පාර, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල එලෙස තැනින්තැන වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකිය.

අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )