ඇමති මහින්දට ජාත්‍යන්තර තනතුරක්

ඇමති මහින්දට ජාත්‍යන්තර තනතුරක්

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ ඉදිරි වසර දෙක සඳහා සභාපතිත්වයට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත් කරගනු ලැබීය.

ඒ අනුව 2024 සිට 2026 දක්වා එම සමූළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවන අතර එහි වගකීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවරී තිබේ.

අද දින ආරම්භ වූ 37 වන ආසියා පැසිෆික් කළාපීය ආරම්භක සැසිවාරයේදී මෙසේ පත් කරනු ලැබීය.

කොළඹ හිල්ටන් හෝටලයේදී ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසි වාරය අද ඇරැඹිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) මහත්වරු එහි ප්‍රධාන ආරාධිතයෝ වෙති.

Share This