ෆෝන් එක කනේ තියන් ගිය නීති සිසුවෙක් දුම්රියට බිලි

ෆෝන් එක කනේ තියන් ගිය නීති සිසුවෙක් දුම්රියට බිලි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති අධ්‍යයන අංශයේ තෙවන වසරේ සිසුවෙකු ඊයේ (01) පස්වරුවේ දුම්රියේ ගැටීමෙන් එම ස්ථානයේ ම මිය ගොස් තිබේ.

ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා ගනිමින් දුම්රිය මාර්ගය දිගේ පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත ගමන් කරමින් සිටිය දී මහනුවර සිට නාවලපිටිය දක්වා ගමන් කරන දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිද්ධ වී ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ තිසල් කිත්සර නැමැති සිසුවෙකු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය පවසයි.

Share This