කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමේ සැලසුමක්

කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමේ සැලසුමක්

කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී ඇත.

ඔත්තුකරුවෙක් විසින් යොමු කරන ලද ලිපියකට අනුව අමාත්‍ය ටිරාන් අලස් මහතා එම උපදෙස් ලබා දී තිබේ.

රාජ්‍ය ඔත්තුකරුවෙකුට ලැබුණු තොරතුරක් අනුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට යම් පුද්ගලයෙකු විසින් දුරකථන මාර්ගයෙන් ගිනිඅවියක් ඉල්ලා ඇති අතර ඒ අනුව විමර්ශන ආරම්භ කර ඇත.

ඔත්තුකරුවා විසින් අදාළ පුද්ගලයාගේ දුරකථන අංක සහිතව විස්තර දක්වා ඇති අතර එම දුරකථන අංක සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ පුද්ගලයා ගිනිඅවිය ඉල්ලා ඇත්තේ තිළිණ ගමගේ මහතා විසින් පසුගිය කාලයේ දුන් අධිකරණ නියෝග හේතුවෙන් ඔහු ඉවරයක් කළ යුතු බව පවසමිනි.

 

Share This