විවාදයට සජිත් දුන් දිනයකට අනුර හා කියයි

විවාදයට සජිත් දුන් දිනයකට අනුර හා කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ලබාදුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බව ජාතික ජන බලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ඊයේ (19) යවන ලද ලිපියට ප්‍රතිචාර දක්වමිනුයි නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ දැනුම්දීම සිදු කර ඇත්තේ.

කෙසේ වෙතත් නලින් බණ්ඩාර මහතා ඊයේ අදාළ ලිපිය යොමු කරමින් ජාතික ජන බලවේගයට දන්වා තිබුණේ නායකයින් දෙපළ අතර විවාදය ජුනි මස 03 වැනිදා සිට 07 වැනිදා දක්වා අතර දිනයක පැවැත්වීමට සූදානම් බවයි