තඹුත්තේගම රෝහලේ වකුගඩු ඒකකයේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස මිය ගිහින්

තඹුත්තේගම රෝහලේ වකුගඩු ඒකකයේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස මිය ගිහින්

තඹුත්තේගම රජයේ රෝහලේ සේවය කළ 35 හැවිරිදි විවාහක වෛද්‍යවරයකු සිය නිල නිවසේදි අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි තඹුත්තේගම මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ තඹුත්තේගම රෝහලේ වකුගඩු ඒකකයේ සේවය කළ කොට්ටපිටියගේ අමිල සදකැලුම් දිසානයක (35) නැමති වෛද්‍යවරයෙකි. මියගිය වෛද්‍යවරයා නාරම්මල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෙම වෛද්‍යවරයා දින තුනක පමණ කාලයක් සේවයට නොපැමිණීම හේතුවෙන් රෝහල් සේවකයකු වෛද්‍යවරයාගේ නිවසට පැමිණ සෝදිසි කිරිමේදි වෛද්‍යවරයා නිල නිවාසේ පිහිටි කාමරයේ මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

මියගිය මෙම වෛද්‍යවරයාගේ බිරිදද දන්ත වෛද්‍යවරියක් ලෙස කුරැණැගල රෝහලේ සේවය කරන අතර එම වෛද්‍යවරිය පස් හැවිරිදි සිය දරැවා සමග එම ප්‍රදේශයේ පදිංචිව සිටිති.

මියගිය වෛද්‍යවරයා සිය නිල නිවසේ තනිව ජිවත්වු බව පොලිසිය පැවසිය.ඔහු මිට දින දෙක තුනකට පමණ මිය යන්නට ඇති බව පොලිසිය සැකපල කරයි.ඔහුගේ මළ සිරුරේ බාහිර වශයෙන් කැපුම් කෙටුම් වැනි තුවාල දක්නට නොමැති බවද පොලිසිය පැවසිය.

Share This