කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේ දී අද (21) ආරම්භ වුණා.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් විය.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට ය.

එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක බෙන් ස්ටොක්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔලී පොප් එංගලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට් තරගයක් ජයගෙන ඇත්තේ 2014 වසරේදී වීම විශේෂත්වයක්.

මෙම තරගාවලිය යටතේ දෙරට අතර ටෙස්ට් තරග තුනක් පැවැත්වීමට නියමිතයි.