ක්‍රිකට් ක්‍රීඩකයෝ පොදු බස්රථය ‌වෙනුවට පෞද්ගලික රථ වලින් කටුනායකින් යයි

ක්‍රිකට් ක්‍රීඩකයෝ පොදු බස්රථය ‌වෙනුවට පෞද්ගලික රථ වලින් කටුනායකින් යයි

ඉන්දියාවේ සිට කටුනායකට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කටුනායක ගුවන් තොටුපොළේ සිට රැගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බස් රථයක් සූදානම් කර තිබුණි.

කෙසේ වෙතත් බොහෝ ක්‍රීඩකයින් එම බස් රියෙන් ගමන් කිරීම වෙනුවනට තම පෞද්ගලික මෝටර් රථ වලින් සිය නිවෙස් බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණි.

Share This