තේ වගා කරුවන්ට සුබ පණිවිඩයක්

තේ වගා කරුවන්ට සුබ පණිවිඩයක්

තේ පොහොර වර්ග කිහිපයක මිල රුපියල් 2,000 කින් අඩු කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය දැනුම් දෙයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (16) දින එම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, දැනට වෙළෙඳපොළ තුළ පවතින තේ පොහොර මිලට වඩා සියයට 50කින් මිල අඩුවීමට නියමිතය.

කුඩා හා මධ්‍ය පරිමාණ තේ වගාකරුවන් වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මෙම මිළ සංශෝධනයට අනුව T-750 සහ T-709 පොහොර මිටියක නව මිල – රුපියල් 7,735.00 ක් ද T-200 පොහොර මිටියක නව මිල – 5,500.00 ක් ද වෙයි.