ටයිටන් සබ්මැරීනයට ඔක්සිජන් ඇත්තේ තව පැයකට පමණයි

ටයිටන් සබ්මැරීනයට ඔක්සිජන් ඇත්තේ තව පැයකට පමණයි

ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය සඳහා යාත්‍රා කරමින් සිටියදී අතුරුදන් වූ පුද්ගලයන් පස් දෙනෙකු රැගත් ටයිටන් සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් වීම ඇමෙරිකානු වේලාවට අනුව අද පෙරවරු 7.00ට (ශ්‍රී ලංකාවේ වේලාව අනුව පස්වරු 4.30ට ) සිදුවන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉකුත් 18 වැනිදා ඇමෙරිකානු වේලාවෙන් උදෑසන 8.00ට ශාන්ත ජෝන් සිට සැතපුම් 400ක් පමණ ගිණිකොන දෙසින් එම සබ්මැරීනය ගිලී ගියේය.

එසේ ගිලී ගිය ටයිටන් සබ්මැරීනය පැය 1යි විනාඩි 45කට පසු ප්‍රධාන පාලක මැදිරිය සමග පැවති සම්බන්ධතා බිඳවැටී ඇත.

මෙහි ගමන් ගත් පිරිස වන්නේ, පකිස්ථානයේ ධනවත් ව්‍යාපාරිකයෙක් වන ෂසාදා ඩාවුඩ්, ඔහුගේ පුත් 19 හැවිරිදි සුලේමාන්, බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියෙක් වන හමිෂ් හාඩින්, ඕෂන් ගේට් ප්‍රධාන විධායක ස්ටොක්ටන් රෂ් සහ ප්‍රංශ ගවේෂක පෝල් හෙන්රි නර්ජෝලට් යන අයයි.

සබ්මැරීනයෙන් ඝෝෂාකාරී ශබ්ධ පිළිබඳ බලාපොරොත්තු තිබුණ ද තවමත් එය ඇති ස්ථානය හඳුනාගැනීමට නොහැකිවී තිබේ.

අඩි 12,500ක් දිය යට ගැඹුරට කිමිදිය හැකි යාත්‍රා කිහිපයක් ද අතුරුදන් සබ්මැරීනය සෙවීමේ කටයුතු වල නිරතව සිටී.

සබ්මැරීනය ඇති තැන රොබෝ මගින් සොයාගත්ත ද එය මුහුද මතුපිටට ගැනීමට පැය කිහිපයක් ගතවනු ඇති බවද ඇමෙරිකානු වෙරලාරක්ෂක බලකාය පවසයි.

Share This