ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක දිවිසැරිය නිමා කරයි

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක දිවිසැරිය නිමා කරයි

ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉතා ජනප්‍රිය වැඩසටහනක් වූ හඳ මාමා වැඩසටහනේ ආරම්භක නිවේදිකාව ඇය හැඳින්වූයේ හඳ නැන්දා ලෙසය

ශ්‍රී ලංකා ගුවන්විලි සංස්ථාවේ විදුලි සංස්ථාවේ නිවේදිකාවක් ලෙස 1963 දී සේවයට බැඳී ඇති අය අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් වරියක් ලෙස සේවයෙන් විශ්‍රාම ලබා ඇත්තේ 1984 වසරේ දිය.

1953 මැයි 24 වැනි දා මෙරට සම්මානිත ලේඛකයෙකු වන කේ. ජයතිලක මහතා සමග විවාහ වන සුමනා මහත්මිය දරුවන් සිව් දෙනෙකුගේ මවක්.

මීට අමතරව ඇය 1997දී ගුවන් විදුලි සේවයෙන් විශ්‍රාම යාමට පූර්වයෙන් එහි ළමා හා කාන්තා අංශයේ අතිරේක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරමින් සිටි අතර රුහුණු සේවය, මහනුවර සේවය ආදී ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන්වල වැඩසටහන් පාලකවරිය ලෙසට ද සිය සක්‍රීය මාධ්‍ය මෙහෙවර ඉටු කළ විශිෂ්ට චරිතයක් ලෙසට ද ගෞරවයට පාත්‍ර විය.