සුජීවගේ ප්‍රශ්නගත සුඛෝපභෝගී ජීප් රථය CIDයට භාරයට ගන්නැයි නියෝග

සුජීවගේ ප්‍රශ්නගත සුඛෝපභෝගී ජීප් රථය CIDයට භාරයට ගන්නැයි නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10ක් වටිනා ප්‍රශ්නගත V8 සුඛෝපභෝගී මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (11) නියෝග කළේය.

ඒ, අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ මොටර් රථය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල වාර්තා අද (11) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය ගොනු කළ මෝසමක් අද සලකා බැලූ අවස්ථාවේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම ප්‍රශ්නගත වාහනය ශ්‍රී රංගා මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ලැබුණු වාහන බලපත්‍රයකට 2010 වසරේදී මෙරටට ආනයනය කළ එකක් බවයි.

එම ජීප් රථය 2010දී මෙරටට ගෙන්වා 2022 වසරේදී ලියාපදිංචි කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ හෙළි කර තිබුණි.