මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව කළුතර දුම්රිය බලධාරියෙක් පැවසීය.

අංක 716 දරණ මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය වන මන්දගාමී දුම්රිය මෙසේ පීලි පැන ඇති බව සඳහන්වේ.

එම දුම්රිය දකුණු කළුතර දක්වා ගමන් කොට නැවත පෙරවරු 7.20 ට දකුණු කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ බවද දුම්රිය බලධාරීන් සඳහන් කළේය.

දුම්රිය ගමන් මාර්ග දෙකෙහි පීලි සම්බන්ධ වෙන point එක මතදී දුම්රිය පීලි පැනීම සිදුව ඇති අතර, මේ හේතුවෙන් මරදාන බෙලිඅත්ත සහ බෙලිඅත්ත සිට මරදාන බලා දුම්රිය ධාවනය වන දුම්රිය ගමන් මාර්ග දෙකම මුළුමනින්ම අවහිර වී ඇති අයුරු දැකගත හැකි විය.

මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති අතර එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍යය පියවර ගන්නා බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Share This