
සුඩානයේ ගුවන් අනතුරකින් 20ක් මරුට
සුඩානයට අයත් හමුදා ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.
ඊයේ (25) සිදුවූ මෙම ගුවන් අනතුරින් හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් 20කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ගුවන් අනතුර සිදුව තිබුණේ සුඩනයේ උතුරු ඔම්ඩුර්මාන් හි වාඩි සෙයිඩ්නා හමුදා ගුවන්තොටුපළ අසල ජනවාස සහිත ප්‍රදේශයකට ය.
ගුවන් අනතුර තාක්ෂණික හේතූන් නිසා සිදු වූවක් බවට තොරතුරු වාර්තා වේ.