15 හැවිරිදි සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ තුනක් කොටුවෙයි

15 හැවිරිදි සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ තුනක් කොටුවෙයි

පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස්, පහරදී සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කාතන්කුඩි පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් ඉකුත් (05) වන දින මෙම ශිෂ්‍යාව ආරියම්පති ප්‍රදේශයට රැගෙන ගොස් එහිදී ඇයට පහරදී සමුහ දූෂණයකට ලක් කර ඇති බවට කාන්තන්කුඩි පොලීසියට පැමිණිල්ල ලැබී ඇත.

එම පැමිණිල්ල මත විමර්ශන පවත්වා සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ආරියම්පති ප්‍රදේශයේ අවුරුදු 26-32 අතර වයසේ පසුවන්නන් බවත් ඔවුන් අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Share This