කඳුළු ගෑස් ප්‍රහාරයට එරෙහිව ගුරුවරු හෙට විරෝධතාවක

කඳුළු ගෑස් ප්‍රහාරයට එරෙහිව ගුරුවරු හෙට විරෝධතාවක

ගුරුවරුන්ට පෙරේදා (24 වැනිදා) එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයට විරෝධය පළකරමින් පාසල් කාල වේලාවෙන් පසු පාසල් ඉදිරිපිට හෙට (27 වැනිදා) විරෝධතා පැවැත්වීමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ද තීරණය කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං පැවසීය.

ගුරු විදුහල්පතිරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු වලට විසඳුම් ලබාදීමට අවශ්‍ය මුදල් මෙවර අයවැයෙන් වෙන් නොකළොත් කවර මර්දනකාරී තත්ත්වයක් පැවතිය ද ඉදිරියේ දී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම කීවේය.

එදින ආණ්ඩුව පහර දුන්නේ විරෝධතා පැවැත්වීමට ජනතාවට ඇති අයිතියට යැයි ද ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share This