රිය අනතුරුවලින් මේ වසරේ දරුවන් 115 ක් මියගිහින්

රිය අනතුරුවලින් මේ වසරේ දරුවන් 115 ක් මියගිහින්

මාර්ග අනතුරුවලින් මේ වසරේ ගතවූ කාලය තුළ දරුවන් 115 දෙනකු මිය ගොස් ඇති බව රථවාහන පොලිසිය පවසයි.

රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය පැදවීම මෙම මරණවලට ප්‍රධාන හේතුව බව රථවාහන කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පැවසීය.

මෙම මරණ වාර්තා වී ඇත්තේ මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා කාලය තුළදීය.

Share This