
අද දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක්ව දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් අද (12) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබේ.
ඒ අනුව, අදාළ වැඩ වර්ජනය අද දෑසන 8.00 සිට හෙට (13) උදෑසන 08.00 දක්වා ක්‍රියාත්මක වනු ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව ඊයේ (11) පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
එම සංගමය පැවසුවේ, වර්ජනය සිදු කලද හදිසි ප්‍රතිකාර සේවා කිසිලෙසකින් හෝ අඩාල නොවන පරිදි අඛණ්ඩව සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්ය.
එමෙන්ම මෙම වැඩ වර්ජනය ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ ත්‍රිවිධ හමුදා රෝහල්වල ක්‍රියාත්මක නොකිරීමටත් එම සංගමය තීරණය කර ඇත.