ඉන්දීය වෛද්‍ය වැඩ වර්ජනය අවසන්

ඉන්දීය වෛද්‍ය වැඩ වර්ජනය අවසන්

පසුගියදා බටහිර බෙංගාලයේ කොල්කටා නගරයේදී වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් ඉන්දියාවේ වෛද්‍යවරුන් රට පුරා වර්ජනයක් ආරම්භ කළා.

පසුගිය 09වනදා 31 හැවිරිදි මෙම වෛද්‍යවරිය රෝහලේ සම්මන්ත්‍රණ ශාලාවක විවේක ගනිමින් සිටියදී ඝාතනයට ලක්ව තිබුණා.

ඊට එරෙහිව ඉන්දියාව පුරා කාන්තාවන් ද දහස් ගණනක් වීථි බැස විරෝධතාවල නියැලුණේ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින්.

රටපුරා ක්‍රියාත්මක විරෝධතා මධ්‍යයේ, සෑම පැය දෙකකට වරක් නීතිය හා සාමය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සියලුම ප්‍රාන්ත පොලිසි වෙත නියෝග නිකුත් කර තිබෙනවා.

රට පුරා රෝහල් සහ සායන තුළ වෛද්‍යවරු විසින් හදිසි නොවන රෝගීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මිලියන ගණනක රෝගීන් පීඩාවට පත් වුණු බාවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් වෛද්‍යවරු විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (18) උදෑසන හයට අවසන් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.