සෞඛ්‍ය වර්ජනය අද සබරගමුවේ

සෞඛ්‍ය වර්ජනය අද සබරගමුවේ

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන වර්ජනය අද (14) සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

ඒ අනුව, අද පෙරවරු 8.00 සිට දහවල් 12 දක්වා පැය 04ක කාලයක් සේවාවලින් ඉවත් වී ඔවුන් වර්ජනයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේය.

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලබානොදීම හේතුවෙන් පසුගිය 09 වන සිට පළාත් මට්ටමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ක්‍රියාත්මක කර තිබේ.

සිය ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් ලබන 21 වන දිනෙන් පසු දිවයින පුරා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.