පැය 23 විනාඩි 46 ක් තුළ මාර්ග හතරකින් සිරිපා කරුණා කර නාවික හමුදා නිලධාරියෙකුගෙන් ගිනස් වාර්තාවක්

පැය 23 විනාඩි 46 ක් තුළ මාර්ග හතරකින් සිරිපා කරුණා කර නාවික හමුදා නිලධාරියෙකුගෙන් ගිනස් වාර්තාවක්

පැය 23 විනාඩි 46 ක් තුල මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාදය කරුණා කර ගිනස් වාර්තාවක් පිහිටුවිමට විශ්‍රාමික නාවික හමුදා නිලධාරි රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා සමත්වෙයි.

පැය 23 විනාඩි 46 ක් තුල මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාදය කරුණා කර සෙරන්ඩිප් ගිනස් වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නාවික හමුවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා (09) දින පස්වරුවේ සමත්විය.

සෙරන්ඩිප් ගිනස් වාර්තා සංවිධානයේ මෙරට නියෝජිතයන්ගේ අධික්ෂණය යටතේ (08) දින පස්වරු 3 ට නල්ලතන්නිය ශ්‍රි පාද පිවිසුම් මාර්ගයෙන් ගමන් ආරම්භ කල ප්‍රින්ස්ලි ලියනගේ මහතා පැය 1 විනාඩි 20 ක් තුල ශ්‍රි පාද උඩ මළුව වෙත ගමන් කර එතැන් සිට දෙවනුව ශ්‍රි පාද එරත්න මාර්ගය ඔස්සේ අඩවි කන්දට බැස නැවත එම මාර්ගයේම ශ්‍රි පාද උඩ මළුවට ළගා විය.

තෙවනුව ශ්‍රි පාද උඩ මළුවේ සිට ශ්‍රි පාද පලාබද්දල මාර්ගය ඔස්සේ පහලට බැස එම මාර්ගයෙන්ම යලිත් ශ්‍රි පාද උඩ මළුව වෙත ළගා වි සිව්වනුව ශ්‍රි පාද උඩ මළුවේ සිට ශ්‍රි පාද මාලින්බොඩ මාර්ගය මාලින්බොඩ දක්වා බැස එතැන් සිට එම මාර්ගයෙන්ම ශ්‍රි පාද උඩ මළුව වෙත (09) දින පස්වරු 1.15 පමණ ශ්‍රි පාද උඩ මළුව වෙත ළගා වි ශ්‍රි පාද උඩ මළුවේ සිට යලිත් නල්ලතන්නිය දක්වා පැය 1 විනාඩි 40 ක් තුල නල්ලතන්නිය වෙත පැමිණ සිය වාර්තාව පිහිටුවිමට සමත්විය.

රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා සෙරන්ඩිප් ගිනස් වාර්තාව පිහිටුවිමට අපේක්ෂා කල කාලයට වඩා විනාඩි 14 ක් කලින් කිලෝමිටර් 88.8 ක් දුර පාගමනින් ගොස් සිය වාර්තාව පිහිටුවිමට සමත් විය.

රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා සෙරන්ඩිප් ගිනස් වාර්තාව පිහිටුවිමේ පාගමනට ශ්‍රි ලංකා නාවික හමුවේ නිලධාරින් රැසක් සහ ඔහුගේ බිරිද ඇතුළු පවුලේ සමාජිකයන්ගේ සහය ලැබි තිබුණි.

සෙරන්ඩිප් ගිනස් වාර්තාව සාර්ථක ලෙස පිහිටුවිමට සමත් වු රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා (09) දින පස්වරුවේ ඔහුට සහය දැක් වු සියළු පාර්ශවයන් සමග යලිත් ශ්‍රි පාද මළුව වෙත ගොස් ආශිර්වාද පුජාවන් ගණනාවකට සහභාගි විමට නියමිතය.

සෙරන්ඩිප් ලෝක වාර්තා සංවිධානයේ මෙරට සමාජික වෛද්‍ය ලාල් ඒකනායක මහතා කියා සිටියේ රියර් අද්මිරාල් ප්‍රියන්ස්ලි ලියනගේ මහතා මාර්ග හතරක් ඔස්සේ පැය 23 විනාඩි 46 ක් තුල ශ්‍රි පාදස්ථානය පාගමනින් ගොස් කරුණා කිරිමට සමත්විම සම්බන්ධයෙන් ගිනස් වාර්තා සංවිධානයට (09) දින පස්වරුවේ දැනුම් දුන් බවත්, ඒ අනුව සති දෙකක් ඇතුලත ගිනස් වාර්තා සංවිධානය විසින් අදාල වාර්තාව නිකුත් කිරිමට නියමිත බවයි.

සෙරන්ඩිප් ගිනස් වාර්තා සංවිධානයේ මෙරට ප්‍රධාන විනිසුරු සනත් බණ්ඩාර මහතා කියා සිටියේ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා පැය 24 ක් තුල කිලෝමිටර් 88.8 පාගමනින් ගොස් තැබු වාර්තාවක් ලෙස ඉදිරියේදි ප්‍රකාශයට පත් කරන බවයි.

Share This