2024 ශ්‍රි පාද වන්දනාවාරය අවසන් වන දිනය ගැන දැනුම් දීමක්

2024 ශ්‍රි පාද වන්දනාවාරය අවසන් වන දිනය ගැන දැනුම් දීමක්

2023-2024 වර්ෂය සදහා පැවැත් වු ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසීය.

ශ්‍රි පාද වන්දනා වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.

2023-2024 ශ්‍රි පාද වන්දනා වාරය (23) දිනයෙන් අවසන් විමෙන් පසු ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව , දේව ආභරණ සහ පුජා භාණ්ඩ යුධ හමුදාවේ සහය සහ රාජ්‍ය අනුග්‍රහය ඇතිව නල්ලතන්නිය බගවන්තලාව හරහා බලංගොඩ මාර්ගය , නල්ලතන්නිය අවිස්සාවේල්ල රත්නපුර මාර්ගය, ශ්‍රි පාද රත්නපුර රජ මාවතෙන් සහ තුරුවිට එරත්න යන මාර්ග හතර ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කිරිම (24) දින සිදු කරන බවයි.

ඉන් පෙරහැරවල් දෙකක් (24) දින අළුයම ශ්‍රි පාද උඩ මළුවේ සිට ගමන් ආරම්භ කරන බවත්, ශ්‍රි පාද උඩ මළුවේ (24) දින දහවල් බුද්ධ පුජාව පැවැත්විමෙන් අනතුරුව ලක්ෂපාන සහ බගවන්තලාව මාර්ගය ඔස්සේ ගමන් කරන පෙරහැරවල් දෙකද උඩ මළුවේ සිට පහලට ගමන් කරන බවයි.

මාර්ග හතරක් ඔස්සේ වඩම්මවනු ලබන සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව , දේව ආභරණ සහ පුජා භාණ්ඩ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා වඩම්මවා (24) දින රාත්‍රියේ පුරාණ චාරිත්‍රානුකුලව දේව පුජාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව (25) දින පස්වරුවේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානය දක්වා පෙරහැරකින් සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පුජා භාණ්ඩ වඩම්මවා ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තබන බවයි.

වෙසක් පොහෝ දින තෙක්ම 2023-2024 වර්ෂය සදහා ශ්‍රි පාදය වන්දනා කිරිමට වන්දනාකරුවන්ට අවස්ථාව තිබෙන බවද උන් වහන්සේ වැඩිදුරටත් පැවසිය.