ඉන්දීය ජාතිකයෙකු ශ‍්‍රීපාදයෙන් මීටර් 100ක ප්‍රපාතයකට ඇදවැටෙයි

ඉන්දීය ජාතිකයෙකු ශ‍්‍රීපාදයෙන් මීටර් 100ක ප්‍රපාතයකට ඇදවැටෙයි

රත්නපුර ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් ඉවතට වැටී මිටර් 100ක පමණ ප්‍රපාතයට ඇද වැටී සිටි ඉන්දීය ජාතික තරුණයෙකු ඉන් මුදවාගෙන ප්‍රතිකාර ලබා දී රෝහල් ගත කිරිමට මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පියවර ගෙන ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ, ඉන්දියාවේ මුම්බායි, මහාරාෂ්ට හි පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයා තවත් පිරිසක් සමග රත්නපුර ශ්‍රි පාද මාර්ගය ඔස්සේ ශ්‍රි පාද උඩ මළුව වෙත ගමන්කරන අතරතුර අද (29) අලුයම 04ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රි පාද උඩ මළුව පොලිස් මුරපොලේ නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දැනුවත් කිරිමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරා ප්‍රපාතයට වැටී සිටි තරුණයා ඉන් මුදවාගෙන ශ්‍රි පාද උඩ මළුව වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිස් ස්ථානය දැනුවත් කර තුවාලකරු ඉන්දියාවේ සිට ශ්‍රී පාදයේ පැමිණි පිරිස සමග රෝහල් ගත කිරීමට නල්ලතන්නිය දක්වා රැගෙන යාමට කටයුතු කර ඇත.

Share This