
කටාර් ගෘහ සේවයට ගිය ලාංකික කතක් මෙරටට එමින් සිටියදී ගුවන් යානය තුළ ජීවිතක්ෂයට
කටාර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් සිය සේවා කාළය නිමාකර යළි මෙරටට පැමිණෙමින් සිටියදී ගුවන් යානය තුළ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මොරටුව, කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුගේ ප්‍රියංගිකා දිල්හානි ප්‍රනාන්දු නැමැති 40 හැවිරිදි අවිවාහක කාන්තාවක්.
ඇය අද (23) අලුයම 01.17 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , එම ගුවන් යානය ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබිය දී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ කාන්තාවගේ මෘත දේහය මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇති බවයි ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.