නව ජල සම්බන්ධතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක්

නව ජල සම්බන්ධතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක්

නව ජල සම්බන්ධතා ලබා ගැනීමට ජනතාවට පහසු කරමින් සම්බන්ධතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම පහසු ගෙවීමේ ක්‍රමය එළඹෙන සතියේ ආරම්භ කිරීමට නියමිත බව පැවසූ එම නිලධාරියා නව ජල සම්බන්ධතා සඳහා එකවර මුදල් ගෙවීමට ඇති අපහසුව හේතුවෙන් අයදුම්පත් ඉදිරිපත් කර ඇති පාරිභෝගිකයන් බහුතරයකට සම්බන්ධතාව ගැනීම ප්‍රමාද වී ඇති බව ද සඳහන් කළේය.

Share This