කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (04) පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඒ අනුව ඔහු තීරණය කළේ, පළමුව පන්දුවට පහරදීමටයි.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබේ.

ඒ අනුව, වේගපන්දු යවන මොහොමඩ් ශිරාස් සහ දඟපන්දු යවන වනිඳු හසරංග වෙනුවට කමිඳු මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩසේ මෙම තරගය සඳහා කැඳවා තිබේ.