ක්‍රීඩා සංගම් 4ක් ක් අත්හිටුවමින් ගැසට්ටුවක්

ක්‍රීඩා සංගම් 4ක් ක් අත්හිටුවමින් ගැසට්ටුවක්

වහාම ක්‍රියාත්මක වනපරිදි ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම් හා සම්මේලනවල ලියාපදිංචිය මෙලෙස අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

එයට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ සංගම් හා සම්මේලන වල ඉදිරි කටයුතු සිදුකිරීම සහ ඊට අදාළ නිලවරණය කැඳවීම සඳහා නිසි බලධාරියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.